වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි… කොළඹ ඩෙල්ටා හොංකොං යවයි…

ඩෙල්ටා ප්‍රභේදයේ නව අනු ප්‍රභේදයන් වැඩිදුර පරික්ෂණයන්ට මෙරට පහසුකම් නොමැති බැවින් ඒවා පරික්ෂණය සදහා විදේශීය රටවල් වෙත යැවිමට සිදුව අතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල  ජෛල විද්‍යායතනය අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  සඳහන් කරයි‍

මේ වන විට පසුගිය මැයි මාසයේදී කොළඹ නගරයෙන් හදුනාගත්   B1 617 2 AY28  ඩෙල්ටා  අනු ප්‍රභේදය වැඩිදුර පරික්ෂණය සදහා හොංකොං විශ්ව විද්‍යාලයක් වෙත යවා ඇතැයිද ආචාර්යවරයා පැවසීය.

පරික්ෂණයන් කිරීමට මිනිස් සම්පත අප සතුව පැවතුණද රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙහි වැඩිදුර පරික්ෂනයන් විදේශීය රටවල් වෙත යැමිමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පළාතේ සහ උතුරු නැගෙනහිර පළාත්වලින්  සොයා ගත්  B 1  617  2 AY 104    ඩෙල්ටා නව ප්‍රභේදය  තව දුර පරික්ෂණයන් කිරිම කෙසේ සිදුකරන්නේද යන්න පිලිබඳව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පැවසීය.

Exit mobile version