වැටුප් ප්‍රශ්නය විසඳෙන තෙක් විදුහල්පති සහ ගුරුවරුන්ට අතුරු දීමනාවක්

ගුරු සේවයේ වැටුප් විෂමතාවන් ස්ථිරව විසඳීම සඳහා කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් ගුරු සහ විදුහල් පති ශ්‍රේණිය සඳහා අතුරු දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ට ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත වූ වත් එයට භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නොවැම්බර් මස 27 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනක් හරහා මෙම අතුරු දීමනාව ලබා ගැනීමට අනුමැතිය ලබා ගත් බවත් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මේ වනවිට භාණ්ඩාගාර ලේකම්වරයා තම අනුමැතිය ලබා දී ඇති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී තවදුරටත් අදහස් දැකවූ අමාත්‍යවරයා
“රජය විදුහල්පති ශ්‍රේණියේ සහ ගුරු සේවයේ වැටුප් විෂමතා රැසක් පවතින බව පිළිගන්නවා. මේ ප්‍රශ්නය විසඳීමට අප සම්පූර්ණ යෝජනාවලියක් වැඩපිළිලෙක් සකස් කළා. ඒ අනුව ගුරු සහ විදුහල්පති සේවය සදහා සාධාරණ වැටුප් තල හඳුන්වා දීම සහ ගුරු සහ විදුහල් පති සේවා සංවෘත සේවාවක් බවට පත කිරීමට අදාළ පියවර සම්බන්ධයෙන් අපි 2019 09 20 දින කැබිනට් මණ්ඩලඩයට සටහනක් ඉදිරිපත් කළා. නමුත් මෙම යෝජනාව ජාතික වැටුප් කොමිසමේ නිර්දේශ මත 02 24 දින පැවතුවූ කැබිනට් මන්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වුණා. එයින් අප නැවතුණේ නැහැ. අප යළිත් මෙම ව්‍යාකූල තතත්වයට සම්පූර්ණ විසඳුමක් සොයන තෙක් ගුරු සහ විදුහල්පති ශ්‍රේණිය සඳහා අතුරු දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩල සටහන හරහා මෙම අතුරු දීමනාව ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන තෙක් ඔවුන්ට ලැබීමට නියමිතයි යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ දුන්නේ රජයට ගුරු සහ විදුහල්පති වැටුප් සහ දීමනා සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 134370ක් වැය වන බවය

Exit mobile version