“වාහන ගේන්න අවසර දෙනවා – පළමු තැන විදුලි වාහනවලට”- ජනපති

ඉදිරියේදී වාහන ආනයනයට රජය අවසර දෙන අතර විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට අවසර ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා කියාසිටියේ පාර්ලිමේන්තුවේදී මීට සුලු වේලාවකට පෙර අවසන් වූ ජනාධිපතිවරයාගේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදීය.

“වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20 ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා.


මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්.

විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි.

ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.”

රටේ ජනතාවට තිබූ මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද ජනතාවට අමතක වී ඇති බවත් පාරේ ගමන් ගත් ජනතාව පාතාල සටන්වලට මැදි වූ යුගය අවසන් කර ඇති බවත් ඔහු කීය.

පසුගිය අවුරුදු දෙක තුළ කිසිදු මානව හිමිකම් කඩවීමට ඉඩ දී නැතැයි ද ජනාධිපතිවරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Exit mobile version