වාහන ආනයන තහනම ගැන මේ වසර අගදී යළි සළකා බැලේ

රට තුළ වසර දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තොග තිබුණු බවත්,මේ වන විට තහනම් කර ඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව,මෙම වසර අවසානයේ දී සළකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත ඒම සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා කීය.

මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ බවත් ඒ අනුව තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මත පසුගිය මාර්තු මාසයේ සිට ආනයන සීමා පැනවීමට රජය කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ යටතේ මෝටර් රථ ආනයනය ද සීමා කරන්න අපට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා මේ රටේ අවුරුදු දෙකකට පමණ ඇතිවෙන්නට වාහන තිබූ නිසා එම තීරණය ගත් බවද සඳහන් කළේය. “මේ වාහන අපේ රටේ තියෙන නිසා අපට පුළුවන් වුණා වාහන අලුතෙන් ආනයනය නොකිරීමට, ඒ් තහනම දිගටම පවත්වා ගෙන යන්නට.”

Exit mobile version