වාස් ගුණවර්ධනට එරෙහි පීඩාකාරී ගිනි අවි නඩුව ද්වේශ සහගතයි… විත්තිකාර වාස්ගේ පාර්ශවය අධිකරණයට කියයි!

හිටපු නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පීඩාකාරී ගිනි අවි පනත යතේ පැවරූ නඩුව දේවේශ සහගතව පැවරූ එකක් බවත්, එම නඩුවේ විමර්ශන නිලධාරීයා  ද දැනට විත්තිකරුවෙක් වී ඇති බවත් නඩුවේ විත්තිකරුවෙක් ඊයේ  (12)  විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේය.

ගිනි අවි නීති විරෝධී ලෙස ලඟ තබාග් බව පවසමින් 2016 වසරේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළ සැකකරුවන් 07කට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවක් කොළම අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකරු මේ බව පවසා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් මේ නඩුව සඳහා වසර 08කට ආසන්න කාලයක් නිකරුනේ බන්ධනාගාරගත කර ඇති බවත් ඉදිරි විමර්ශනයක් හෝ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර නැති බවත් විත්තිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ මරණ ඳඬුවම  හිමි නියෝජ්‍ය  පොලිස්පතිවරයා  ඇතුළු සැකකරුවන් මේ නඩුවෙ සැකකරුවන්වන අතර අභියාචනයක් ද තමන්ට ඉදිරිපත් කිරීමට මේ නිසා හැකියාවක් නැති බව  විත්තිකරුවන් සඳහන් කළේය.


පීඩාකාරී අවි පනත යටතේ පවරා ඇති මෙම නඩුවේ ප්‍රකාශයක් පමණක් ගෙන ඇති බවත් වසර 08ක් තිසේ නිකරුනේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, තන් ඇතුළු සෙසු සැකකරුවන් මේ නඩුවෙන් මුදා හරින ලෙසත් විත්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේ මුදාහරින්නට තමන්ටබලයක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, පොලිස් නිලධාරීන්වන ඉන්දික බමුණුසිංහ, ක්‍රිෂාන්ත සංජීව, කැලුම් රංගන යන අය මේ නඩුවේ සැකකරුවෝ වූහ.

 

 

Exit mobile version