වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 880ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි… අතුරුදහන් වාහනවල නිසි දත්ත දෙපාරත්මේන්තුවේ නැති බව ගණන් දීමේ නිලධාරියා විගණනයට කියයි!

වාරිමාර්ග දේපාර්තමේන්තුවට අයත්  වාහන 880ක්  දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව  වාරිමාර්ග දේපාර්තමේන්තුව නමින්   හෝ වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් නමින්  දෙපාර්තමේන්තු ලිපිනය යටතේ  වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමෙන්තුවට අයත්  හා පරිහරණය කරණු ලබන වාහන සංඛ්‍යාව  1,124ක්බව  විගණනය මගින් අනාවරණය කොට ඇත.  දෙපාර්තමේන්තුව  භාරයේ නොමැති වාහන සම්බන්දයෙන්  යම් අක්‍රමිකතාවයක් සිදුවි ඇද්ද පිළිබඳ පරික්ෂාකළ යුතු බව  විගණනය  මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබඳ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  දෙපාර්තමේන්තුව  යටතේ සඳහන් කරඇති වාහන 2004න් 1124ක් පිළිබඳ  තොරතුරු ඉදිරිපත් කොට ඇතිබවය.


ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව  තුළ නොමැති අතර එවා තහවුරුකරගැනිමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුව තුළ නොමැතිබව ද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

අපහරණ ක්‍රියාවලියෙන්     ටෙන්ඩර් මගින් අපහරණයට යොමුකර   බාහිර පුද්ගලයින්ට ලබාදි ඇති නමුත්  ලියාපදිංචිය පවරාගෙන නොමැති වාහන, ටෙන්ඩර් මගින් අබලි වාහන ලෙස  ලියාපදිංචිය අවලංගුකිරිමට යොමුකරමින්  යකඩ ලෙස ලබාදි ඇති වාහන  දෙපාර්තමේන්තුව සතුව නොමති වාහන ලෙස ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. ක්ෂේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ත්‍ර නිලධාරින්ට විවිධ ව්‍යාපෘති මගින් ලබාදි ඇති නමුත්  ව්‍යාපෘතිය අවසානයේ එම නිලධාරින් විසින්  අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොමැති වාහන, වෙනත් දෙපාර්තමේන්තුවලට විවිධ ව්‍යාපෘති යටතේ ලබාදි ඇති  නමුත් ව්‍යාපෘතිය අවසානයේ  එම දෙපාර්තමේන්තු විසින් පවරානොගත් වාහන  දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන  ලෙස  ගණන්දිමේ නිලධාරිය විසින් සඳහන් කොට ඇත

 

Exit mobile version