ෙකීර්ති ප්‍රනාන්දු
හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට අදාළ මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (26)දහවල් පරීක්ෂා කරනු ලැබීය .
එහිදී සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ කොණ්ඩය සැකසීම සඳහා භාවිතා කර තිබූ ආලේපන ද්‍රව්‍ය දෙකක සාම්පල් ලබාගත් බව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී උදය නාමල්ගම පැවසීය .
එසේ ලබාගත් ආලේපන ද්‍රව්‍ය සාම්පල මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සිදුකරන බවත් මේ පිළිබඳව සියලුම විමර්ශන කටයුතු අවසන් වන තුරු එම රූපලාවණ්‍යාගාරයට මුද්‍රා තැබූ බවත් උදය නාමල්ගම කීය .
මේ පිළිබඳව අද (27)දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ බවද ඔහු පැවසුවේය .
අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මගින් අපේක්ෂිත ඇප අයදුම් පතක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි සමග රූප ලාවණයාගාරයට පැමිණ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හට එහි ඉබි යතුරු විවෘත කර පරීක්ෂා කිරීමට පහසුකම් සලසා දී තිබිණ .
රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීම අද (27) සිදුකිරීමට නියමිතය .
මිනුවන් ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක වජිරා ශාමලි , කාන්තා පොලිස් සැරයන් (377)කේ. ජී . ඩී . හර්ෂිකා යන මහත්මීන්ගේ සහය ඇතිව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී උදය නාමල්ගම , විමර්ශන නිලධාරීන් වන ඉන්දික නන්දගේ , අමිල ඒකනායක ,හර්ෂ පෙරේරා, කසුන් කුමාර , නිලුකා බඹරවත්ත මේ සඳහා එක්ව සිටියහ.







