වහාම බාර් වසා දමන්න – වෛද්‍ය සංගමය මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලයි

දැනට ආරම්භ කර ඇති මත්පැන් අලෙවිය වහාම නතර කරන ලෙසත් යෝජනා වී ඇති අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමේ කටයුත්තට කිසිදු ආකාරයකින් අවසර ලබා නොදෙන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (19) දිනයේ මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආර්ථික වාසියට වඩා වැඩි ආර්ථික හානියක් මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීමෙන් සිදුවන බවයි.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් මුහුණ මුහුණදෙන්න බැරි දුෂ්කරතා මෙම මත්පැන් අලෙවියෙන් සහ අන්තර්ජාල අලෙවිය සඳහා ඉඩ ලබා දීමෙන් තවදුරටත් තව දුරටත් වර්ධනය විය හැකි බැවින් එම ක්‍රියාව වහාම නවතා දමන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.


මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අලෙවිසල් වසා තැබීම හේතුවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළ සුලභ වන තත්ත්වයක් තුළ එම තත්ත්වය අවම කිරීමේ අදහසින් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීම සුදුසු බවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉදිරිපත් කරනු ලබන තර්කය පදනම් විරහිත බවයි.

එවැනි නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයක් සිදු වෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බවත් එම වගකීම ඉටු නොකර මත්පැන් කර්මාන්තයට උදව් දෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍යයට ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් ඔවුන් පැහැර හරිමින් සිටින තත්ත්වයක් යයිද යැයි ද පෙන්වා දී ඇත.

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරිම මෙරට සුරාබදු ආඥා පනතට සහ ජාතික දුම්වැටි සහ මත්පැන් අධිකාරි පනතට පටහැනි බවත් එවැනි අලෙවියක් සිදු කිරීමේදී එය මිලදී ගන්නා පුද්ගලයාගේ වයස වේලාව ස්ථානය ආදී අනිවාර්යෙන් දැනගත යුතු කරුණු මගහැරිය හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

වෛද්‍ය සංගමය අමාත්‍යවරයා වෙත ලබා ඇති ලිපියට අනුව මෙම රට වසා ඇති තත්ත්වයක් හමුවේ විවෘත කිරීම අර්බුදය හමුවේ ආර්ථික දුෂ්කරතාවයට පත්ව ඇති මූලික ආහාර වැනි අවශ්‍යතා සදහා රජයෙන් මුදල් බෙදා දී ඔවුන්ට සහන සැලසීමට රජය විසින් ගෙන ඇති ප්‍රයත්නයට ද බාධාවක් වන බවය.

එසේම මේ වන විට අතිවිශාල රාජකාරි රැසක් පැවරී ඇති ශ්‍රී ලංකා පොලිසියට ද මෙය දැඩි හිසරදයක් විය හැකිය.

එසේම ශ්‍රී ලංකාවේ මත්පැන් සම්බන්ධ ආර්ථික වැය දැනටමත් එයින් උපයන ආදායමට වඩා ඉතා විශාල වන බව විද්‍යාත්මකව ද තහවුරු වී ඇත.

මේ සියලු කරුණු සැලකීමේදී හදිසියේ මත්පැන් හල් හල විවෘත කිරීම සහ අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සම්බන්ධයෙන් කතා බහට ලක්වීම තනිකරම මෙරට සෞඛ්‍ය සහ සමාජ ආර්ථික දත්ත පිළිබඳ සැලකීමේදී අසුබපල ගෙනදෙන්නක් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විවෘත කළ මත්පැන් හල් යළි වසා නැමීමට හෝ අන්තර්ජාල මත්පැන් අලෙවිය ඇති කිරීමේ උත්සාහයේ නවත නවතන ලෙස විෂය භාර අමාත්‍යවරයා මිනිස්සු ලංකා වෛද්‍ය සංගමය දැඩි සේ ඉල්ලා සිටී.

Exit mobile version