වසරක් කල් දැමූ එක්සත් රාජධානියේ මැතිවරණ කිහිපයක් අද  .

චතුර රුවන් වීරක්කොඩි –

එංගලන්තයේ ප්‍රාදේශීය සභා 143 ක් සඳහා මහජන සභිකයන් 4650 දෙනෙකු සහ  නගරාධිපතිවරුන් 13 දෙනෙකු තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය අදට යෙදී තිබේ.

ඒ සමගාමීව ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හා වේල්සයේ සෙනෙට් සභා මැතිවරණය ද අද පැවැත්වීමට නියමිතය. මේ අනුව උතුරු අයර්ලන්තය හැර බ්‍රිතාන්‍යයේ කොටස් තුනටම මැතිවරණ යෙදී ඇති දිනයකි. මේ මැතිවරණ ත්‍රිත්වය නිසාවෙන් අද දවස “Super Thursday” ලෙසින් පුවත්පත්වල හඳුන්වා තිබේ.

ලන්ඩන් නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම කවදත් මෙම මැතිවරණ ක්‍රියාවලියේ විශේෂ  සංධිස්ථානයක් වන අතර ඒ එක්සත් රාජධානිය නම් බලවත් රාජ්‍යයෙහි අගනුවරවන බැවින් හා එරට රාජ්‍ය තන්ත්‍රයට සෘජුව බලපෑම් එල්ල කළ හැකි ඡන්ද කොට්ටාසයක්ද වන බැවිනි.


ලන්ඩන් වලට අමතරව කේම්බ්‍රිජ් හා පීටර්බර්ග්, ඉහල මැන්චෙස්ටර්, ලිවර්පූල් නගර කලාපය, ටීස් වැලි, බටහිර මිඩ්ලෑන්ඩ්ස්, බටහිර එංගලන්තය, බටහිර යෝක්ෂයර්, බ්‍රිස්ටෝල්, ඩොන්කැස්ටර්, ලිවර්පූල්, උතුරු ටයින්සයිඩ් සහ සෝල්ෆර්ඩ් යන ප්‍රදේශවලට නගරාධිපතිවරුන් තෝරපත්කර ගැනේ.

ප්‍රාදේශීය සභා  මැතිවරණය පහුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද උග්‍ර කොරෝනා වසංගතය හමුවේ එය කල් දමන්නට සිදුවිය. මෙවර එස  මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 28ක් ලෙස ගණන් බලා තිබේ.

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන්නේ  එරට පුරවැසියන්ට පමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුරෝපා සංගමයට අයත් රටවල සහ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ජනතාවටද එම ඡන්ද අයිතිය හිමි වේ.

කලින් වර්ෂවල පැවැත්වූ මැතිවරණයන්ට සාපේක්ෂව මෙවර මැතිවරණය සුවිශේෂී එකක් වන්නේ හුදෙක් කොරෝනා වසංගතය හමුවේ ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට සිදු වූ මෙහෙවර මත ඡන්දය භාවිතා කරන්නට යෙදීමයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා පාලනය සඳහා මධ්‍යම රජය නොයෙකුත් තීරණ ක්‍රියාත්මක කළත් ඒවාට සහයෝගය දක්වමින් ප්‍රාදේශීය සභාවන් කළ මෙහෙවර මෙහිදී අවධානයට ගනී.

 

 

 

Exit mobile version