වවුනියාව අධිකරණයට බාධා කරන්න රිලව් ඇවිත්

දිනසේන රතුගමගේ:

අයාලේ යන රිළවුන් රංචුවක් නිසා මේ දිනවල වවුනියාවේ අධිකරණ කටයුතු රෝහල් කටයුතු පවත්වා ගෙන යාමේදී විශාල බාධාවක් උද්ගතව ඇති අතර දිසාපති කාර්යාලය හා තැපැල් කාර්යාලයටද නගර සභාවටද එම රිළවුන්ගේ කරදරය බල පා තිබේ.

වවුනියාවේ අධිකරණ සංකීර්ණයට රිළ රංචුව පැමිණි අවස්ථා දෙකකදී ඔවුන්ව පලවා හැරීමට එහි සේවකයින්ට රතිඤ්ඤා දැල්වීමට සිදුවීම නිසා අධිකරණ කටයුතු විනාඩි විස්ස බැගින් නතර කිරීමට සිදුව තිබේ.


වවුනියාව මහ රෝහලට කඩා වදින එම රිළා රංචුව රෝගීන්ගේ ආහාර පාන බිස්කට් හා පළතුරු රැගෙන යාමත් රෝහලේ වහලය මතට වී අධික වේගයෙන් දිවීමට පටන් ගන්නා නිසා රෝහල් සේවකයින්ටද රිළවුන් පලවා හැරීම සදහා රතිඤ්ඤා දැමිමට සිදුව තිබේ.

මේ රිළා රංචුවේ එක් රිලවෙකු වවුනියාව මහ රෝහලේ හෙදියක් සතු රුපියල් 65000 ක පමණ ජංගම දුරකතනයක් රැගෙන ගොස් ගසක් මතට වී එය සමග සෙල්ලම් කිරීමට පටන් ගැනීමෙන් පසුව රෝහලේ ආරක්ෂක නිලධාරීන් හා ජනතාව එකතුවී මහත් පරිශ්‍රමයක් දරා එය ආපසු රිළවාගෙන් ලබා ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ රිළා රංචුව අවස්ථා කීපයකදී අල්ලා මන්නාරමේ කැළයට නිදහස් කල නමුත් සතියකට පමණ පසුව ඔවුන් සියලු දෙනාම වවුනියාවට පැමිණි බවයි.

 

Exit mobile version