වව්නියා අතිරේක මහේස්ත්‍රාත්වරිට කොවිඩ්…

vawnia-magistrate-court

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව අතිරේක මහේස්ත්‍රාත්වරිය කොරෝනා ආසාදිතයෙකු බවට 27 දා සෞඛ්‍ය නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.

අතිරේක මහේස්ත්‍රාත්වරියට සිදු කළ පලමු ඇන්ටිජන් පරීක්ෂාවේදීම ඒ බව තහවුරු වී ඇති අතර පසුව එතුමියව පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමු කොට ඇත.

මේ අතර 27 දා උදෑසන වන විට වවුනියාව බන්ධනාගාරයේ නියාමකවරයෙකු රැඳවියෙකු හා පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ඇතුළුව වවුනියාවෙන් කොරෝනා රෝගීන් 13 දෙනෙකු හමු වී තිබේ.

Exit mobile version