වව්නියාවේ 10 හැවිරිදි පාසල් දැරියකට කොවිඩ්  

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී ප්‍රදේශයේ මාරඉලුප්පෙයි ගම්මානයෙන් කොරෝනා රෝගය වැළදුණු වයස අවුරුදු දහයක පාසල් ශිෂ්‍යාවක්  අද ( 18 )  හඳුනා ගත්තේය.  

මෙම දැරියගේ මව වවුනියාව රෝහලේ සේවිකාවක්වන අතර ඇයට කොරෝනා රෝගය වැළඳීමෙන් පසුව දියණියව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ. පසුව ශිෂ්‍යාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දැරිය  කොරෝනා රෝග මර්දන රෝහලක් වෙත යවා ඇති අතර දැරිය ඇසුරු කළ නව දෙනෙකු ස්ව‍යං නිරෝධායනයට ලක් කොට තිබේ.

Exit mobile version