වව්නියාවේ “කොරෝනා ගම“… එකම ගමෙන් ආසාදිතයන් 151ක්

දිනසේන රතුගමගේ –

දින අටක් ඇතුළත වවුනියාවේ එකම ගමකින් කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු  හමුවීමත් සමගම එම ගම්මානයට පනවා ඇති සංචරණ සීමාවන් තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කොට තිබේ.

මෙතරම් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ වවුනියාව පට්ටානීචූර් ගම්මානයෙනි.

මුලින්ම රෝගීන් පස් දෙනෙකු හමු වීමත් සමගම එම ගම්මානය  හුදෙකලා කොට සංචරණ සීමා පනවනු ලැබූවත් හමු වූ ආසාධිතයින්ගේ පවුල්වලින් වැඩිම පිරිසක් වවුනියාව නගරයේ වෙළෙඳසැවල අයිතිකරුවන් හා සේවකයින් වීම නිසා රෝගය මර්දනය කිරීම සෞඛ්‍ය නිලධාරීන්ට විශාල ප්‍රශ්නයක් වී තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පිළියමක් වශයෙන්  වවුනියාව නගරය ලබන 24 වෙනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

Exit mobile version