වරෙන්තුකරුවෙක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට ගම් වැසියන්ගෙන් ප්‍රහාරයක්… වරෙන්තු කරු පලා යයි… පොලිස් නිලධාරියෙකුට තුවාල!

dc

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසියේ පොලිස් කණ්ඩායමකට සුෂිපුරම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහර දීම නිසා එක් පොලිස් නිලධාරියෙකු 18 දා සුළු තුවාල ලබා තිබේ. 

යාපනයේ සුෂිපුරම් පරලෙයි ප්‍රදේශයේ සැඟව සිටි වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු සමග සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දී ඇත

මේ අවස්ථාවේදි අත් අඩංගුවට ගැනීමට ගිය වරෙන්තුකරු පලාගොස් ඇති අතර පොලිස් නිලධාරීන් පිරිස  එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ ගම්වාසීන්ද එම ස්ථානයට පැමිණීමත් සමගම ඇති වූ දඩි නොසන්සුන්තාවයක් හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පලාගිය සැකකරුව අත් අඩංගුවට ගැනීමට  වඩුකෝඩෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


Exit mobile version