වරායේ වෘත්තීය සමිති පැත්ත මාරුකරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටලුවට අදාළව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සිය ස්ථාවරය වෙනස් කරමින් බටහිර පර්යන්තයේ 85%ක් ඉන්දියාව සහ ජපානයට සංවර්ධනය කරන්නට ඉඩදෙන ලෙස පවසමින් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

එම එකමුතුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ භූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාය. ඒ සඳහා දැනට CCIT සමාගම පිහිටුවීමේ දී අත්සන් කළ ගිවිසුමට සමාන ගිවිසුමක් අත්සන් කරන ලෙස ද වෘර්තිය සමිතිය යෝජනා කරයි.

දැනට පවතින වෘත්තීය අරගලය නිමා කර වරාය අධිකාරියේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිසරයක් සකස් කර ගැනීම සඳහා එම වෘත්තිය සමිතිය විසින් මෙම යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.


ඒ සඳහා වරාය වෘත්තීය සමිති විසිදෙකක් අත්සන් තබා තිබේ.

එහි දැක්වෙන සෙසු යෝජනා වන්නේ දැනට සාදා ඇති පර්යන්ත කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම, වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 කට ආසන්න මුදලින් ඩොලර් මිලියන සීයක් ආයෝජනය කර දැනට ඇති පර්යන්ත කොටස සම්පූර්ණ වශයෙන් මෙහෙයුම් සඳහා භාවිත කිරීමට හැකිවන ලෙස සකස් කිරීම, පර්යන්තයේ ඉතිරි කොටස් වසර තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය විසින් ඉදි කිරීම, වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තය ලබාදීමේ තීන්දුව සහ බටහිර පර්යන්තයේ ඉන්දියාව සහ ජපානය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගන්නා ලෙස ද මෙම වෘත්තිය සමිති විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කරුණු හයකින් යුතු යෝජනාවලිය පිළිගන්නේ නම් වරාය වෘත්තීය සමිති මේ වනවිට දෙයක් කරන්න සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වන බවට ද එහි දැක්වේ.

Exit mobile version