වර්ජනයට විරෝධය පා හම්බන්තොට රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දෙපළක් GMOA සාමාජිකත්වය අත් හරිති!

ශ්‍රියානි විජේසිංහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ගිය අඛණ්ඩ වැඩ වර්ජනයට විරෝධය පළ කරමින් හම්බන්තොට රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා සංගමයේ සිය තනතුරුවලින් ඉවත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සංගමයේ අතැම් සාමාජිකයින් විවිධ දේශපාලන පක්ෂවලට උවමනාවන්ට වැඩවර්ජනයන් කරන බව ඔවුන් සදහන් කරන අතර තම වෘත්තීය සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී සංගමයේ සාමාජිකයින්ගේ මෙන්ම පොදු ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කළ යුතු යැයි පෙන්වා දී ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය සාකච්ඡා කරමින් පවතින මොහොතක වැඩ වර්ජන නොකළ යුතු යැයි සංගමයේ ඇතැම් සාමාජිකයින් ප්‍රකාශ කරද්දී තවත් අය අඛණ්ඩ වැඩ වර්ජනයකට යා යුතු බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසුවේය.


කෙසේ නමුත් ඇතැම් තීන්දු තීරණයන් ක්‍රියාත්මක කිරීමට යාමේදී සංගමයේ ලේකම්වරයා සහ සභාපතිවරයාද අභිබවමින් සංගමයේ ඇතැම් පිරිස් සිය දේශපාලන ඉලක්කයන් කරා ගමන් කරන බවට වාර්තා වී ඇතැයිද හෙහෙතම පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් සංගමය තුළ මෙවැනි බෙදීම් සංගමයේ සාමුහික ක්‍රියාවන් ප්‍රබල බලපෑමක් වනු ඇති බවද වාර්තාවේ.

Exit mobile version