වරකාපොල තදබදයට ගුවන් පාලමක් සමග “බයිපාස්“ එකක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සදහා ඉදිකිරීම් ආරම්භ කල වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙත අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් ඉදිකරන මෙම වරකාපොළ අතුරු මාර්ගය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීම් මේ වන විට අවසන් ය.


ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල්වලින් 98 % ක ප්‍රමාණයක් මේ වන විට ගෙවා අවසන් ය.

වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා දිග මීටර් 2,350 කින් සහ මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි.

මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් මෙම අතුරු මාර්ග ව්‍යාපෘතියේ අරමුණ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Exit mobile version