මනම්පිටිය නිමල් ජයරත්න –
මීට දින තුන හතරකට ඉහතදී වන අලි ප්‍රහාරයකින් මිය යන්නට ඇති බවට සැකකරන හැත්තෑ පස් වියැති දෙදරු මවකගේ මල සිරුරක් අද (17) වෙනිදා ඇයගේ නිවස අසල තිබී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල යාය 08 ගම්මානයේ හැත්තෑපස් වියති දෙදරු මවක වන ඒ.ජී. අනුලාවතී යන අය බව පරීක්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
එම මව දින කිහිපයක සිට නොදුටු නිසා අසල්වාසී කාන්තාවක් මව සොයා නිවසට යන විට ඇයගේ සිරුර දැක ඇති අතර ඒ පිළිබඳව කාන්තාව අරලගංවිල පොලිසිය දැනුවත් කර ඇත.
සිරුර සොයා ගන්නා විට මවගේ හිස ප්‍රදේශය සතුන් විසින් කා ඇති අතර එම මළසිරුර නරක් වී ඇති බවත්, සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න අප කළ විමසීමකදී සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා ගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල ඇතුළු අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.