වන්නි මහඡන්ද ප්‍රතිඵලයට එරෙහිව උසාවියට පෙත්සමක්

දිනසේන රතුගමගේ

මෙවර මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය අභියෝගයට ලක් කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කරණ බව පොදු ජන පෙරමුණෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග කළ ජනක නන්දකුමාර මහතා පැවසීය.

වවුනියාව අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ජනක නන්ද කුමාර මහතා මන්නාරමේ අවතැන් වූ ඡන්දදායකයින් සදහා පුත්තලමේ පැවති ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කොට ඇති ආකාරය තුළ විශාල සැකයක් ඇති බවද කියා සිටියේය.


මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පුත්තලමේ අවතැන්වූවන්ගේ ඡන්ද ගණනය කිරීම හෝ වවුනියාවේදී සිදු කිරීමට එකග වූවත් මැතිවරණයේදී එය එසේ නොවූ බව නන්දකුමාර මහතා පෙන්වා දෙයි.

මෙම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ප්‍රතිපල වන්නි දිස්ත්‍රික්ක්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලයට විශාල බලපෑමක් සිදු කළ හෙයින් මෙම ප්‍රතිපලය අභියෝගයට ලක් කරමින් හා ඡන්ද යළි ගණනය කරණ ලෙස ඉල්ලමින් තමන් සියලු අපේක්ෂකයින් වෙණුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරණ බව පැවසීය.

මේවර මහ මැතිවරණයේදී පමණක් නොව ඉතිහාසයේද මේ සිද්ධිය මේ ආකාරයෙන්ම සිදු වීම නිසා වන්නියෙන් තරග කරණ මුස්ලිම් නොවන අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදුවන බව නන්දකුමාර මහතා උදාහරණ සහිතව පැහැදිලි කළේය.

පසුගිය මහ මැතිවරණයේදී අවතැන් වූ ඡන්ද දායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 4707 ක් ලැබෙද්දී පොදු ජන පෙරමුණට ලැබී ඇත්තේ ඡන්ද 615 ක් පමණක් බව ජනක නන්දකුමාර මහතා පැවසීය.

මේ උද්ගතව ඇති අවිශ්වාසය හා සැකය නිසා වන්නියේ සෑම අපේක්ෂකයෙකුටම විශාල අසාධාරණයක් සිදුවන නිසා මේ මැතිවරණයේදී නොහැකි වූවත් ඊළග මැතිවරණවලදී යම් සාධාරණයක් ලබා ගැනීම සදහා පුත්තලමේ අවතැන් ඡන්ද දායකයින් වෙණුවෙන් කිසියම් වැඩ පිළිවෙලක් සකස් කරණ ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද ජනක නන්ද කුමාර මහතා පැවසීය.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව තවමත් පුත්තලමේ පදිංචිව සිටීමට බලපාන කිසිම හේතුවක් නොමැති බව කී හෙතෙම ඔවුන් මන්නාරම් හා වවුනියාව දිස්තික්කයෙන්ද පුත්තලම දිස්තික්කයෙන්ද විවිධ වරප්‍රසාද ලබා ගැනිමින් ඉහල පන්තියේ ජීවිතයක් ගත කරණ බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා වන්නියෙන් තරග කරණු ලබන එක් අපේක්ෂකයෙකුගේ පිටිවහල හා ආධාරය මෙන්ම පූර්ණ සහයෝගය පුත්තලමේ එම වැසියන් වෙත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලැබෙන බවත් ඉන් ඔහු විශාල දේශපාලන වාසියක් ලබා ගන්නා බවත් ඔහු කියා සිටියේය.

Exit mobile version