වනජීවී නිලධාරීන්ට හිරිහැර කළ ජනරාල් ගැන යුධ හමුදාපතිගෙනුත්  විමර්ශනයක්

අලි පැටවකු සොරකම් කිරීමක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත රැකවල් රාජකාරියේ යෙදී සිටි වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට පහර දීම ඇතුළු හිරිහැර සිදු කළ බව කියන අනුරාධපුර මෙහෙයුම් භාර යුධ හමුදා නිලධාරියකු වන මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් යුධ හමුදා මට්ටමෙන් විමර්ශනයක් සිදු කරන ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා ද නියෝග කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මාධ්‍ය ප්‍රකාහශවරයා ඊයේ රාත්‍රියේ (30) නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ පසුගිය 25 වැනිදා සිදුවූ මෙම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව හමුදාපතිවරයා මේජර් ජනරාල්වරුන් දෙනෙකු මෙම සිදුවීම විමර්ශනය සඳහා පත් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කටයුත්ත සිදුවෙමින් පවතින අතර ඉතා ඉක්මනින් ඔවුන් තම වාර්තාව යුධ හමුදාපතිවරයා වෙත ලබා දෙනු ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම විමර්ශනය සම්බන්ධයෙන් මුල් වරට මාධ්‍ය දැනුවත් කළේ ඊයේ (30) කැකිරාව අධිකරණය විසින් අදාළ මේජර් ජනරාල්වරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට කළ නියෝගය ප්‍රචාරය වීමෙන් අනතුරුවය.


Exit mobile version