වනඅලි 14 වරක් අලිවැට කඩද්දී පරණ ටයර්වලින් වැට ගසා අලි පන්නන මිනිසා…

අලිවැට කඩාගෙන අලි වගා බිම්වලට ඇතුළුවීම නිසා වන්නියේ ගොවියෝ විවිධ අසීරුතාවලට පත් වෙති. එයට සාර්ථක විසඳුමක් ලෙස ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් ඉතා සාර්ථක ලෙස අලිවැට ක් ඉදි කිරීමට මහව , වතුපලගම තිස්ස බණ්ඩාර අබේසිංහ ට හැකිවිය. මේ අප ඒ නිර්මාණශීලී මිනිසා සොයාගෙන ගිය කතාවය.

තිස්ස බණ්ඩාර අබේසිංහ

මහව නිකවැරටිය පාරේ වතුපලගම ප්‍රදේශයේ දී අපට දැකගත හැකි වූයේ ඉතාමත් සරුවට අස්වද්දා ඇති භූමිය කි. එමෙන්ම මින් පෙර දැක නැති අමුතුම ආකාරයේ අලිවැට ක් ද දුටු නිසා ඒ වගා භූමිය අයිති ගොවි මහතා කවුරුන්දැයි සොයා බැලීමට Lankasara අපි තීරණය කළෙමු.
“මම යුධ හමුදාවෙ ඉදල විශ්‍රාම ගිය කෙනෙක්. ප්‍රයෝජනවත් වැඩක නිරත වෙන්න ඕන නිසා මගෙ ගෙවත්ත අස්වද්දන තීරණය කළා…මේ ප්‍රදේශයේ වියළි කාලගුණය ක් තියෙන නිසා වගා වැඩ කරන්න ගොවි මහත්තුරු මැළිවෙනවා…ඒ නිසා මං වත්තෙ ම ළිඳක් සකස් කර ගත්තා …වැනිලා, ගම්මිරිස් ,පේර, පොල්, කජු, අනෝදා.. විතරක් නෙමේ.. ඕනම එළවළු වර්ගයක් තියෙනවා …..
වගා කරන්න ගියාම අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි වල් අලි ප්‍රශ්නෙ… මගෙ වගාව වටේට ඇදලා තිබුණ අලි වැට දාහතර වතාවක් අලි කැඩුවා… මමත් අත හැරියෙ නෑ .. අලි මොළේට වඩා මිනිස් මොළේ වැඩ කරනවා කියල ඔප්පු කරන්න මට හැකිවුනා…..
මං විසින්ම සකස් කර ගත්ත උඩ පැලට වෙලා අලි කොහොමද මේ විදුලිවැට විනාශ කරන්නෙ කියල ඉතා හොඳින් නිරීක්ෂණය කළා… ඊට පස්සෙ අලින්ට ඇතුළු වෙන්න බැරි විදිහට ඉවතලන ද්‍රව්‍ය ප්‍රයෝජනයට අරන් මං වෙනස්ම ආකාරයේ අලිවැට ක් නිර්මාණය කළා….දැන් ඒ වැටට අවුරුදු දෙකයි. තාම කිසිම හානියක් නෑ…..
තමා විසින්ම නිර්මාණය කළ අලිවැට ඉදිකර ගත් ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේය……….

අලි වැට හැදු හැටි

“මම මේ අලිවැට සකස් කරන්න ලී කණු යොදා ගත්තෙ නෑ… හේතුව තමයි ලී කණු අවුරුදු දෙක තුනකින් දිරල යනවා… අනික අලින්ට ලී කණු පෙරලන්න පුලුවන් ..මම ඒ වෙනුවර පරණ ටයර් යොදා ගත්ත ..අක්කරයක් වට කරන්න පරණ ටයර් 105ක් විතර ඕන වෙනවා… පරණ යකඩ බඩු මිලදී ගන්න තැන්වලින් ටයර් ගන්න පුලුවන්… වගා බිමේ මුලු හතරට ටයර් තුනක් විතර අවශ්‍ය වෙනවා… මුල් ටයරය බිම හිටවලා ඒ උඩ තවත් ටයර් දෙකක් විතර ඇණවලින් සවි කරනවා. එතකොට උස අඩි හත අටක් වෙනවා. ප්‍රධාන කණුවල හිස් බෝතල් දෙකක් ගැටගහනවා.සෙන්සර් මිලදී ගන්න ගියොත් රුපියල් 1500ක් විතර වෙන නිසා ඒ වෙනුවට තමයි බෝතල් දෙකක් ගැටගහන්නෙ.
කෙළවර ටයර්වලින් උඩින් දෙපැත්තට එළිය විහිදුවන ආකාරයට ෆ්ලෑෂ් ලයිට් දෙකක් සවි කරනවා… ඊට අමතරව අඩි 30න් 30ට ටයරය ක් හිටවලා ඒක උඩ මෝටාර් සයිකල් ටයරයක් හයි කරල එතන ඉඳල අඩි හතරක් පහක් උසට යකඩ බටයක් ඇණවලින් සවි කරනවා….


පරණ ටයර් කණු සහා බෝතල් “සෙන්සර්ස්“

විදුලිය උත්පාදන කුටිය වත්ත, ඇතුළෙ සවි කරල ඒ මඟින් වැටට විදුලිය සපයනවා. වත්ත වටේට කම්බි පොටවල් දෙකක් මගින් විදුලිය ලබා දෙනවා..අලි ඇවිත් මේ කණු පෙරළන්න පය ගහල දඟලන බව උඩ පැලේ ඉන්න මට පේනවා.ඒත් ටයර් නිසා වැට එහාට මෙහාට පැද්දෙනවා මිසක් කැඩෙන්නෙ නෑ ..වැටේ ටයර් අලි පෑගීම නිසා පහතට තල්ලු වෙලා ස්ප්‍රීන් එක වගේ කකුල ඉවතට ගත්විට නැවත කෙළින් වෙනවා. ඒ නිසා අලින්ට මේ වැට කඩන්න බෑ. දැන් මං අවුරුදු දෙකක් තිස්සේ සැනසිල්ලේ ඉන්නවා ………
කෙළවර සවි කරල තියෙන හිස් බෝතල් දෙක මගින් වැට කඩන්න උත්සාහ කරන වෙලාවට හොඳ ශබ්දයක් ලබා දෙනවා. ඒ ශබ්දය ඇහුන ගමන් මම උඩ පැලේ ඉඳලම ෆ්ලෑෂ් ලයිට් ඔන් කරනවා. අලි හරි බයයි ෆ්ලෑෂ් ලයිට් එලියට .
අබේසිංහ තව දුරටත් අදහස් දැක්වූයේ සිනහ මුසු මුහුණෙනි……..
“මේ අවට ගම්වල තියෙන සාමාන්‍ය විදුලි වැටවල් නිතරම අලි කඩල දානවා… ඒවා නැවත හදාගන්න සෑහෙන්න කට්ට කන්න ඕන … වනජීවී නිලධාරීන් පස්සෙ යන්න ඕනෑ… ඒත් මං තනියම නිර්මාණය කර ගත්ත අලිවැට පොඩ්ඩක් මහන්සි වුනොත් ඕනම කෙනෙකුට හදාගන්න පුලුවන්… මට ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් දෙන්න පුලුවන් … මගේ දුරකතන අංකය ට 0715906498 කතා කලොත් ඕනම කෙනෙකුට උදව් කරන්න මං ලෑස්ති යි.
මං කියන්නෙ මේ අලිවැටෙන් ප්‍රයෝජන අරගන්න කියල … ඒක සමාජගත කරන්න වගකිවයුත්තෝ දැන ගන්න ඕන… මං තාක්ෂණය හොයාගත්ත.. දැන් ඉහළ පුටුවල අයගෙ ඇස් ඇරුනොත්… වන්නියෙ ගොවියන්ට ගොඩ යන්න පුලුවන් …

සරුසාර වගාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹට එළවළු පලතුරු අරගෙන යන ලොරිවලින් මගේ නිෂ්පාදන වෙළෙඳ පොළට යවනවා…මගෙ බිරිඳ යි දරුවො තුන් දෙනයි එක්ක මං සතුටින් ඉන්නේ මේ වගා බිමට පින්සිදු වෙනනයි……….
ජීවිතය දිනා ගත නොහැකිව අනුන්ට දොස් පවරමින් , ජීවත් වෙන බොහෝ මිනිසුන් අතර මේ ගොවි මහතාගේ උත්සාහය ඇගයීමට ලක්විය යුතු නොවේද…??

Exit mobile version