වත්මන් කොවිඩ් තත්ත්වය අයහපත් වුණොත් රටේම අධ්‍යාපන ආයතනවලට යළි නිවාඩු

වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබාදෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිළව මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

පාසල් සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියි.

මේ සඳහා, ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත.


මෙම මධ්‍යස්ථානය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු යටතේ, පහත සඳහන් දුරකථන අංක සහ ෆැක්ස් අංක යටතේ ක්‍රියාත්මක කර තිබේ.

ක්ෂණික ඇමතුම්- 1988
ෆැක්ස් අංකය 0112785818
Email- info@moe.gov.lk

මෙම අංක අමතා විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඇතුළු අධ්‍යාපන බළධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ covid-19 සම්බන්ධයෙන් තොරතුරු එවිය හැකිය.

මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලුම පළාත් කලාප හා කොට්ඨාස තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වලට අදාල තොරතුරු රැස්කර ගන්නා අතර, එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැඹුරින් සිතා බලන බව ද දන්වා සිටී.

Exit mobile version