වඩුක්කෝඩෙයි තිරික්කලේ සටන

දිනසේන රතුගමගේ

යාපනයේ වඩුක්කෝඩෙයි වැසියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන තිරික්කල් තරගය 1 දා වඩුක්කෝඩෙයි කොට්ටරාවෙයි ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් යුතුව පැවැත්වුණි.

වඩුක්කොඩෙයි එක්සත් තිරික්කල් හිමියන්ගේ සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කොට තිබූ අතර එම තරගාවලියේ තරග අංශ පහක් යටතේ පැවැත්වුණි.


සියලුම තරග සදහා තිරික්කල් 42 ක් සහභාගී වූ අතර එම තරගාවලිය නැරඹීම සදහා දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තරගාවලියෙන් ජයගත් තිරික්කල්කරුවන්ට හා ඒවායෙහි බදින ලද ගවයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායකවරු පියවර ගෙන තිබුණි.

Exit mobile version