වට්ස්ඇප් – එෆ්බී වලින් ලිංගික බලහත්කාරකම් කරන යාපනය සරසවියේ නවක වද මෝල්ලු

යාපනය විශ්ව විද්‍යාලයයේ ඇතැම් පීඨවල සිංහල සිසුන් අතර නවක වදය නව මුහුණුවරකින් අමානුෂික ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල තුළ  පවතින නීති රීතිවලින් රිංගමින් ඔවුන් ජංගම දුරකථන සහ ඊට අදාළ සමාජ මාධ්‍ය යෙදවුම් භාවිත කරමින් මෙම අමානුෂික නවක වදයන්ට නවක සිසුන් ගොදුරු කරමින් සිටින බවත් මේ තත්ත්වය නිසා එමම දරුවන්ට කායික මානසික මෙන්ම ආර්ථික පීඩාවක්ද සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම නවක වද සිදුවීම් උග්‍ර ලෙස පවතින පීඨයක් වන්නේ යාපනය සරසවියේ කළමනාකරණ පීඨයයි. මෙම පීඨයේ පළමු වසර සඳහා සිසුන් 170කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින අතර මේ වනවිට එම සිසුන් සියලු දෙනාම මෙම නවක වදයේ නවතම මුහුණුවරෙහි ගොදුරු බවට පත්වෙමින් සිටිති. ඔවුන්ට මෙවර නවක වදය ජංගම දුරකථන මඟින් සහ වට්ස් ඇප් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය භාවිතාවන් යොදාගනිමින් අමුතුම ආකාරයට සිදුවේ.


පිරිමි සිසුන්ට වීඩියෝ ඇමතුම් හරහා විවිධ ලිංගික හැසිරීම් සිදු කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලකරනු ලැබ ඇති අතර වාර්තා වන ආකාරයට එම පීඨයේ කාන්තා සිසුවිනයන්ටද ඇතැම් පිරිමි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් ඔවුන්ගේ නිරුවත් පින්තූර එවන ලෙසට බල කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම් උග්‍ර ලෙස සිදුව ඇත්තේ පසුගිය 12 වැනිදා සහ 13 වනිදාය. මේ වනවිට එම සරසවියේ නවක සිසුන් රැස් කොට රැස්වීම් පැවැත්වීම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ තහනම් කොට ඇති නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් බෝධි පූජා ආශිර්වාද පිංකමක් පවත්වන බව පවසා පසුගිය 11 වැනිදා නවක සිසුන් යාපනය නාග විහාරයට කැඳවා ඇත. එහිදී ආශිර්වාද බෝධි පූජාවක්ද පවත්වා විහාරස්ථානයේ ශාලාවකට සිසුන් කැඳවා විශ්ව විද්‍යාලයය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව දේශන ලබා දී ඇති අතර සෑම සිසුවකුගේම ජගංම දුරකථන අංක ඇතුළු තොරතුරු ලබා ගෙන ඇත.

එ‍සේම ජ්‍යෙෂ්ඨයන්ගේ නියෝගයක් වී ඇත්තේ පීඨයේ සෑම වසකරම සිටින ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අංක සොයාගෙන ඔවුන්ට එක් එක් ශිෂ්‍යයාට සහ ශිෂ්‍යාවට පෞද්ගලික ව දුරකථන ඇමතුම් ලබා දිය යුතු බවකි. මෙම දුරකථන ඇමතුම් බොහෝ විට පැයක් පමණ දීර්ඝ වන අතර මේ වනවිට නවක සිසුන් මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන බිල්පත් ගෙවා ගැනීමය.

ඇතැම් සිසුන්ට මේ නිසා දිනකට රුපියල් 600ක් 700ක් පමණ වියදම් කිරීමට සිදුව ඇති බවත් තමන් නිවසෙන් රැගෙන ආ සියලුම මුදල් ඇතැම් සිසුන්ට මෙම ජංගම දුරකථන ඇමතුම් වෙනුවෙන් වියදම් කිරීමටද  සිදුව ඇත. රටේ විවධ ප්‍රදේශවල සිට ආර්ථික දුෂ්කරතා මැද පැමිණෙන මෙම සිසුන් මේ වනවිට දැඩි මානසික පීඩනයකටද කල් වෙමින් සිටින අතර ඔවුන්ට ඉදිරියේදී තවදුරටත් ශාරීරිත නවක වදයන්ට ගොදුරු වයි හැකි බවට ජ්‍යෙෂ්ඨ සිසුන් විසන් අනතුරු අඟවනු ලැබ ඇත.

කෙසේ වුවද මෙම නවක වද තත්ත්වය සම්පූර්ණයෙන්ම බලපාන්නේ සිංහල සිසුන්ට පමණක් බවත් ද්‍රවිඩ සිසුන් සහ ඔවුන්ගේ ශිෂ්‍ය සංගම් තම නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවැනි අමානුෂික ආකාරයෙන් නොසලකන බවත් ඔවුන් තම සිසුන්ට මෙන්ම සිංහල සිසුන් සමඟද ඉතා සුහදත්වයෙන් කටයුතු කරන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ සිසුන් එසේ කටයුතු කරන අතරේ  සිංහල සිසුන් මෙම අවිනිත වනචාරීන් ලෙස කටයුතු කිරීම හෙළා දැකිය යුතු තත්ත්වයක් වන අර වහා ඔවුන්ට එරෙහිවව විනය පියවර ගත යුතුව තිබේ.

Exit mobile version