ලෝක රග්බි සම්මේලනය  වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි….

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට   ලෝක රග්බි සම්මේලනය තීරණය කර තිබේ. එම තිරණය මේ වනවිට ඔවුන්  ශ්‍රී ලංකා රග්බි ආයතනයට දැනුම් දී ඇත.

ලෝක රග්බි සම්මේලනය  ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට දන්වා ඇත්තේ ලෝක රග්බි විධායක මණ්ඩලයේ නිර්දේශවල සැලකිල්ලට ගනිමින් ලෝක රග්බි සම්මේලනයේ නීති රෙගුලාසිවලට ප්‍රකාරව උක්ත තීන්දුව ගත් බවය.

ආසියානු රග්බි සංගමය හා එක්ව කටයුතු කරමින්  වර්තමානයේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ  පරිපාලන ගැටලු විසඳීම සඳහා   සමීපව කටයුතු කිරීමට   ලෝක රග්බි සම්මේලනය අදහස් කර ඇතැයි  ද එම සම්මේලනය ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත දන්වා ඇත.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත්තේ පවතින   ගැටලු විසඳා ගැනීමෙන් බවත්, තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරගෙන  ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන්ට  ඉදිරි ජාත්‍යාන්තර තරගාවලි සඳහ ඉදිරිපත් වීමට අවස්ථවා උදාවනු ඇති බවත් ලෝක රග්බි සම්මේලනය විශ්වාසය පලකර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය නියෝජනය කරන කණ්ඩායමක්  කඩිනම් සාකච්ඡා කීපයක් පැවැත්වීම දිවයිනට පැමණීමට නියමිත බව ද වාර්තා වේ.

Exit mobile version