ලෝක කුසලාන කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් 02කට අවස්ථාවක්….

එක්දින ලෝක කුසලාන  තරගාවලිය සඳහා තරගවදින කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු අවසන් වෙමින් ඇති බවත් මෙවර කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකුට ඇතුළත්වීමට  අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසයි.

ඒ අවස්ථාව ගන්නේ මැතිව්ස් දිමුත්, කුසල් ජනති හෝ චන්දිමාල් විය හැකියි… අප එය පුහුණුකරු, නායකයා සහ උපදේශක පුහුණුකරු සමග සාකච්ඡා කර ගත යුතු තීරණයක්. කෙසේ වෙතත් අවසානයේ දි කණ්ඩායමේ  එකොළොස් දෙනා වගකිමකින් යුතුව කටයුතු කළ යුතුයි. ඔවුන්ට දක්ෂතා සහ හැකියාවන් තියනවා. නමුත් එය යොදා ගැනීමේ දි අඩුපාඩු වෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ  පුහුණුකරුවන් උපදෙශක පුහුණුකරු මහෙල ජයවර්ධන සමග එක්ව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල දී සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවය.

“මා දන්නවා වෙන කාටත් වඩා උණුසුමක් ක්‍රීඩකයින්ට දැනෙනවා. ඔවුන්ට ඍජුවම තරගාවලියට තේරීමට නොහැකිවීම ගැන   ලජ්ජාසහගත මානසිකත්වයකින් ඉන්නේ. මෙම තරගාවලියේ දි තමන්ගේ උපරිමය ලබා දීමට ඔවුන්  පෙළඹෙනු ඇති බවට මට විශ්වාසයි.  පසුගිය වසරේ ආසියානු කුසලානයේ දී කළාක් මෙන් ඔවුන් හොඳින් ක්‍රීඩා කරනු ඇති බවට සැකයක් නෑ. “ ප්‍රමෝද්‍ය සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිණි.


එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග ලබන 18 වැනිදා සිම්බාබ්වේ හි දී ආරම්භ වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමග කොළඹ දී තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

Exit mobile version