ලෝක උරුම ගාලු කොටුවේ පිස්සු කෙළිය ක්‍රිකට් කාරයින් නීතිය ඉදිරියට ගෙන යන්න සැරසෙයි!

ගාල්ල ලලිත් චාමින්ද – 

ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටුපවුර හි පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට්  ක්‍රිඩාංගනය තුළ අනවසරයෙන් සිදුකරගෙන  යන  සංවර්ධන කටයුත්ත  වහාම නතර කිරිමට පියවරගෙන ඇති අතර ඒ පිළිබද  අවශ්‍ය නිතිමය කටයුතු කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා  අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබාදුන් බැව්  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  අනුර මනතුංග   පැවසයි.

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි පුද්ගලික ඉඩමක හෝ මෙවැනි  සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන දෙපාර්තමේන්තුවේ අධික්ෂණය  යටතේ   බවද හෙතෙම පවසයි. 

මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන්  යුනෙස්කෝව ලබාදුන්  උපදෙස් ක්‍රියාත්මක  නොවීම සම්බන්ධයෙන්  මේ වනවිට යළිත් පරික්ෂණ  පවත්වෙන මෙම අවස්ථාවේ  දී මෙවන්නක් කිරිම බරපතල ගැටළුවක් බවද පුරාවිද්‍යාකොමසාරිස්වරයා පවසයි.

ගාල්ල  දිස්ත්‍රික්  සහකාර  පුරාවිද්‍යා  අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන්    ගෙන් කළ විමසිමකදි ඇය පවසා සිටියේ මෙම සිද්ධය දැනගත් වහාම නතර කරන ලෙසට දැන්වුවද ඔවුන් එය නොසලකා  කටයුතු  කළ බවත් පසුව  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස්  මත පොලිසිය  ද මැදිහත් කොට ගෙන මෙය නතර කළ බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන්  ඉදිරි  නීතිමය  කටයුතු කිරීමට නීති අංශය දැනුවත් කරන බවත්  මේ පිළිබඳ ගාල්ල  නගර සභාවටත් නාගරික අධිකාරියත් ගාලු උරුමය පදනමත් අවශ්‍ය කටයුතු  කිරීම සඳහා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version