ලෝකය ඉදිරියේ දිනේෂ් ළදරුවෙක්…

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජිනීවාවලදී සම්මතවන බව විශ්වාසයි… සම්පන්ධන් කියයි...

දිනසේන රතුගමගේ –

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලියට රටවල් ගණනාවක සහය ලැබී එය සම්මත වන බව තමන්ට විශ්වාස යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (13 ) පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උතුරු හා නැගෙනහිර  දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු හා ප්‍රශ්න සම්බන්ධයෙන්ද අතීතයේ ඔවුන් විසින් විඳින ලද ඉතා අමිහිරි අත්දැකීම් පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට මෙන්ම ජාත්‍යන්තර රටවල් ගණනාවකට විශාල අවබෝධයක් ඇති බවයි.

මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවලිය බොහෝ දුරට සාධාරණ බැවින් ඊට සහය ලබා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රසිද්ධියේම හා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ රටවල් ගණනාවක තානාපතිවරු දැනුවත් කොට ඇති නිසා ඊට පූර්ණ සහය ලැබෙන බව සඳහන් කළ දෙමළ ජාතික සන්ධානයේ නායකයා තම පක්ෂයේ නොසැලෙන හා එකම බලාපොරොත්තුව වී ඇත්තේ ඒ අවස්ථාව පිළිබඳව බවද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා හා ඔහුගේ ප්‍රකාශයන් ජාත්‍යන්තරය හමුවේ ඉතා ළදරු අවධියක පසුවන බව පවසන සම්පන්ධන් මන්ත්‍රීවරයා  ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය මේ වන විට හඳුනා ගෙන ඇති නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සාධාරණයට ඉඩක් අවසන් මොහොතේ හෝ ලැබෙන බව තමන් විශ්වාස කරන බවද පැවසීය.

Exit mobile version