ලෝකයේ උද්ධමන වගුවේ ලංකාව 06 වැනි තැනට… ඇෆ්ගනිස්තානයත් අපට පහළින්…

විමුක්ති එස් රුද්‍රිගු –

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම  උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව ලෝකයේ හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ස්ටීව් හැන්කි  ගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව  තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

මහාචාර්ය ස්ටීව්ට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා   මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව   පෙන්වා දෙයි.


විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි ගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 

Exit mobile version