ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වේ….

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට බීමත් මිතුරන් පිරිසක් සමග පැමිණ බන්ධනාගාර බලධාරීන්ට බලපෑම් කර එල්ලුම්ගස පෙන්වීම සහ සිරකරුවන්ගේ දිනය දා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් අතුළු වී එල්.ටී.ටී.ඊ සැකකරුවන් දෙදෙනෙක් සිර මැදිරියෙන් එළියට ගෙන දණ ගස්වා මරණීය තර්ජන කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ඇමතිවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

Exit mobile version