ලොව විශාලතම සූදු මධ්‍යස්ථානය රැක ගන්න තුන්වෙනි වරටත් කොවිඩ් පරීක්ෂණ

macau hong kong

ලෝකයේ විශාලතම සූදුහල ලෙස සැලකෙන හොංකොං හි මැකාවු ප්‍රදේශයේ කොවිඩ් අසාදනකරුවන් වැඩිවීම මැඩපැවැත්වීම වෙනුවෙන් එම ප්‍රදේශයේ 600 000කට වැඩි පදිංචිකවරුන් සඳහා තුන්වැනි වරටත් කොවිඩ් පරීක්ෂණයක් කර ගැනීම අනිවාර්ය කරන ලදී.

මැකාවු හි යළිත් කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙන අතර පසුගිය සතියේදී පදිංචිකරුවන් දෙවරක් කොවිඩ් පරීක්ෂණ සඳහා මුහුණ දුන්හ. පසුගිය සතියේ ඉරිදා දින පමණක් කොවිඩ් රෝගීන් 38ක් අලුතෙන් හඳුනා ගත් අතර රෝගීන්ගේ සංඛ්‍යාව 299ක් දක්වා ඉහළ ගියේය. මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් මැකාවු හි ගොඩනැඟිලි විශාල සංඛ්‍යාවක් අගුලුලමින් 5000කට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනයන කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැකි තරම් නිවෙස්වලට වී සිටින්න යැයි බලධාරීන් විසින් ජනතාව දැනුවත් කර තිබෙන අතර නගරයේ තැබෑරුම්, කොණ්ඩ කපන ස්ථාන, විනෝද උද්‍යාන ඇතුලු බොහොමයක් ස්ථාන වසා දමා තිබේ. කැසිනෝහල් බොහොමයක් ද පාළු වී ඇතත් දේශීය ජනතාවගේ රැකියා රැක ගැනීම උදෙසා එම ස්ථාන තවමත් විවෘතව පවතී.


Exit mobile version