ලොව ප්‍රමුඛතම කාන්තාවන් සිය දෙනා අතරට ගිය ශ්‍රි ලාංකික පර්යේෂිකාවට කැනඩාවේදී අකරතැබ්බයක් !

තල්මසුන් පිළිබඳව ලෝ ප්‍රකට ශ්‍රි ලාංකික ජෛව විද්‍යාඥවරියක  වන ආචාර්ය ආශා ඩි වෝස්ට පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිනුමෙහි සටහන් කර තිබුණි.

ඇය පසුගියදා කැනඩාවේ වික්ටෝරියා හි පැවැති දේශනයක් සඳහා ගොස් ඇත. එහි ආරාධිත ප්‍රධාන දේශනය ඇයගේය.  ඇය ප්‍රධාන දොරටුවෙන්  අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක සේවකයන් ඇතුළු වෙන්නේ මේ දොරෙන් නොවේ යයි වෙනත් පිවිසුමක් පෙන්වා ඇත.  එපමණක්ද නොව කම්කරු සේවිකාවන් ඇතුළු වන දොර යයි වෙනත් දොරක් පෙන්වා එයින් ඇතුළුවන ලෙස ද මෙම තරුණිය අණ කර තිබේ.

එහිදී සිදුවූ සිදුවීම ඇය මෙසේ සඳහන් කර ඇත.

“ වික්ටෝරියා BC පැවති එම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට මට ආරාධනා කර තිබිණි. මම ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වුනෙමි.  එම වැඩමුලුවේ ලියාපදිංචිය බාරව සිටි තරුණිය මා දෙස බලා  ” සනීපාරක්ෂක සේවිකාවන් යන්නේ මේ දොරටුවෙන් නොවේ” කියා වෙනත් දොරටුවක්  පෙන්වනු ලැබුවේය. “ඔබේ පසුපස හැරි බලන්න.” මම කීවෙමි.


එතන මගේ ප්‍රමාණය මෙන් පස් ගුණයකට වඩා විශාල මගේ ඡායාරූපයක් සහිත බැනරයක් එල්ලා තිබුණි.

ආචාර්ය ආශා ඩි වොස් තල්මසුන් සම්බන්ධයෙන් පර්යෂණ ගණනාවක් සිදු කර ඇති අතර ඇය ඒ  වෙනුවෙන් ඕෂන්ස්වෙල් නම් පර්යේෂණ ආයතනයක්ද ශ්‍රි ලංකාවේ පවත්වාගෙන යන්නීය.

ශ්‍රි ලංකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඈෂ්ලි ඩි වොස් ගේ දියණිය වන ආශා 2018 වසරේදසී බීබීසී ආයතනය නම් කළ ලෝකයේ එක් එක් ක්ෂේත්‍රවල බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරද සිටින අතඑර තවත් දෙස් විදෙස් සම්මාන රැසක් අත් කරගෙන සිටින ලෝ ප්‍රකට විද්‍යාඥවරියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුද්‍ර ජෛව විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඇය බොහෝ පර්යේෂණ සැසිවල ප්‍රමුඛ පෙළේ දේශකවරියක ලෙස නමක් දිනා සිටින්නීය.

Exit mobile version