සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොඩ්ස් ඛේදවාචකය !

by editor
සැප්තැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලියා තැබිය යුත්තේ එය දරා ගැනිමට ඉතාම අසීරු පරාජයක් බවය. ලකුණු 190ක පරජයක්… අවුරුදු 33කින් පසු ලොඩ්ස් පිටියේ අප තරග පරාජයක් ලබන්නේ බිහිසුණුම ආකාරයටය.

482ක ඉලක්කයක් හඹා ගොස් දිනාගැනීම ප්‍රායෝගික නොවන බව පොඩි එවුන් පවා දන්නේය.  එවැනි අවස්ථාකව ප්‍රාර්ථනාව වන්නේ අඩු ලකුණු ගණනකින් පැරදීමය. 482ක් හඹා  ගිය ශ්‍රි ලංකා කණඩායම ලකුණු 292කට සියල්ලෝම දැවී ගියහ. දෙවැනි ටෙස්ට් තරගයත් ඛේදවාචකයක් වී ඇත. දැන් අප තරගාවලිය පරාදය.

මින් පෙර අප ලෝඩ්ස්හි දී පැරදි තිබුණේ තරග දෙකක් පමණි. එකක් 1988 දී ය. ඒ තරගය කඩුළු 07කින් අප පරාදය. අනෙක් තරගය පැරදුනේ 1991 දී ය. ලකුණු 137කින පරාදය. ඒ පරාජයේ වාර්තා දැනෙන සුළු ලෙස අලුත් වී ඇත. අවුරුදු 33කට පසු අප ලෝඩ්ස් පිටියේ දී  ලකුණු 190කින් පරාදය.

මේ තරගය ඔවුන්ගේ ජයග්‍රාහී වාර්තා අලුත් කළ තරගයකි. ඔවුන්ගේ ප්‍රභාව මතුකරගන්නට ඉඩ හසර සැලැස්වූ තරගයකි. පිට පිටම එංගලන්තය සිය   පස් වැනි ටෙස්ට් තරගයත් ජයගෙන ඇත්තේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

තරගය සිදුවුන හැටි

කාසියේ වාසිය දිනා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. ප්‍රතිඵලය එංගලන්ත කණඩායම ලකුණු 427ක් රැස් කිරීමය. ජෝ රූට් ලකුණු 143කි. ඊට පන්දු 203ක් වැය කළ රූට් සිය ඉනිමට හතරේ පහර 18ක් එල්ල කළේය.

අංක 8 පිිතිකරු ගස් එට්කින්සන් සිය මංගල ශතකය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ලබා ගත්තේය. එය එක්දින තරගයක ඉනිමක් තරම් වේගවත්ය. පන්දු 115ක දී ඔහු ලකුණු 118ක් ලැබුවේය. ඊට හතරේ පහර 14කි. හයේ පහර 04කි. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුළු 05ක් ලැබුවේය.

මුල් ඉනිම ක්‍රීඩා කරන්න පැමිණි ශ්‍රි ලංකා පිතිකරුවන් ගැන අප තැබූ බලාපොරොත්තු මේ දේශපාලකයින් රට ගොඩ දමනු ඇතැයි ජනතාව හිතන ප්‍රමාණයේ හිතලු වූයේය. දෙවැනි ටෙස්ට් තරගයට එන්නේ කුසල් මෙන්ඩිස් බංකුවේ තබා පැතුම් නිශ්ශංක ඒ තැනට ආදේශ කරමිනි. එහෙත් සියල්ල අසාර්ථකය පළමු ඉනිමේ දි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196කට දැවී ගියේය. හුදකලා සටනක් කළ කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු 74 නොවන්නට ශ්‍රි ලංකා කණ්ඩායමට අබ සරණය. කණ්ඩායමේ පිතිකරුවන් 06 දෙනෙක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත. කමිඳුට පසු වැඩිම ලකුණු ගැහුවේ චන්දිමාල්ය. චන්දිමාල් ලබා ගත් ලකුණු ගණන 23කි.

එංගලන්ත කණ්ඩායම දෙවැනි දිනයේ අවසන් කාර්තුවේ දෙවැනි ඉනිම අරඹන්නේ ලකුණු 231ක වාසියක් සමගිනි. දෙවැනි ඉනිමේ එංගලන්ත කණ්ඩායම ලකුණු 251ක් රැස් කළේය. ජෝ රූට් යළිත් ශතකයක් වාර්තා කළේය. සිය ටේස්ට් දිවියේ වේගවත්ම ශතකය වාර්තා කළ රූට් ලකුණු 103 ලැබුවේ පන්දු 121ක් තුළය. ඔහු ලෝඩ්ස් පිටියේ ඉනිම දෙකේදීම ශතක රැස් කළ සිව්වන ඉතිහාසගත පිතිකරුවා වූයේය. එංගලන්ත ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ශතක ලාභියා වූයේය.

ශ්‍රි ලංකා කණ්ඩායමට තරගයේ තුන්වන දිනයේ දී  (30)  ජයග්‍රහණය සඳහා ලකුනු 483ක ඉලක්කයක් ලැබිණි.  තුන්වන දිනයේ දීම නිශාන් මධුශ්ක සහ පැතුම් නිශ්ශංක පිටියෙන් ඉවත් වූයේය. අද තරගය ආරම්භ කරන්නේ හිටපු නායක දිමුත් කරුණාතරන් සමග නයිට් වොච්මන් පැමිණි ප්‍රභාත් ජයසූරිය ය.

අපේ  පිතිකරණය ගැන කතා කර පලක් නැත. පළමු ඉනිම ක්‍රීඩා කළ ආකාරය තුළම පරාජය ලියැවී තිබුණේය. ආශ්චර්ය පහළ වූයේ නැත. ක්‍රිකට්වල අරුම පුදුම නැති බව හැමෝම දන්නේය.  දිමුත් කරුණාරත්න ලකුණු 55කි. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 36කි. දිනේෂ් චන්දිමාල් ලකුණු 58කි. නායක ධනංජය ද සිල්වා ලකුණු 50කි.  යළිත් වරක් ඊයේ (01) දිනයේ දී  මිලාන් රත්නායක ආදරය හිතෙන හුදකලා සටනක් අංක 09 පිතිකරුවා ලෙස යෙදෙමින් සිටින අයුරු දුටුවෙමු. ඔහු පන්දු 56ක් තුළ හතරේ පහර 7ක් සමගින් ලකුණු 43කි.

තරගයට දවස් 05ක් වෙන් කර තිබුණේ අපරාදේ ය. හතරවන දවස හමාර වෙන්න කලින්  මැච් එක හමාරය.

සියල්ලම දැවී යන්නේ ලකුණු 292කට ය. පන්දු යැවීමේ දී ගස් එට්කින්සන් ලකුණු 62කට කඩුලු 5ක් ලැබුවේය. පළමු ඉනිමේ දී ශතකයක් පිත්තෙන් ලබා ගත් එට්කින්සන් දෙවැනි ඉනිමේ දී කඩුළු 05ක් වාර්තා කළේය. තරගයේ වීරයා ද්විත්ව ශතක වාර්තා කළ ජෝ රූට් නොවේ. ඉනිම දෙකේදීම කඩුළු හතක් හා මුල් ඉනිමේ ශතකයක් වාර්තා කළ ගස් එට්කින්සන් නැමැති ජව සම්පන්න තරුණයා ය.

අප තරගයක් ඉතිරිව තිබෙද්දීම තරගාවලිය පරාජය. දැන් යළිත් පැතුම් බංකුවේ තබා කුසල් ගස්සනවා ද, නිශාන් මධුශ්ක බංකුවේ තබා පැතුම්ට දිමුත් සමග තරගය ආරම්භ කරන්නට දී කුසල් අංක තුනට ගස්සනවා ද යන්න කළමනාකාරිත්වය අවධානය යොමු කරනු ඇ

අපත් අරින්නේ නැත. කොච්චර පැරදුනත් සංසාර පුරුද්දට වගේ මැච් බලන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහයා දෙන බවට ගත් තීන්දුව ගැන පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා දන්නේ නැතිලු!

Next Post

ජල ටැංකියට වැටී කුණුවුන වඳුරු මළකුණු 03ක් දියවී ගිය අප ජලය පාසලක දරු පැටව් දවස් ගණනක් බීලා…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.