ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

ලොව ප්‍රබල සමාගම් රැසක් ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාමත් සමඟ සිය සේවකයින් රාජකාරි කටයුතු සඳහා කාර්යාල වලට යළි කැඳවීම සම්බන්ධයෙන් දැඩි අභියෝගයකට මුහුණදී තිබේ.

ඒ අනුව ඇමරිකාවේ පිහිටි ගූගල් සමාගම ප්‍රධාන කාර්යාලය, ෆොර්ඩ් සමාගම සිය සේවකයින් යළිත් කාර්යාල වෙත කැදවීමට සැලසුම් කර තිබූ දින වකවානු කල් දැමීමට තීරණය කර ඇත.

මේ අතර මේවන විට ලොව පුරා පැතිරයාමේ අවදානමක් පවතින ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නොර්වේ සහ ස්වීඩනය යන රටවල්ද සේවකයින්ට නිවසේ සිට සිය රාජකාරී ඉටුකරන මෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.


එමෙන්ම ෆේස්බුක් සමාගම (මේවන විට මෙටා නමින් හදුන්වන) විසින් ලබන වසරේ සිය කාර්යාලය පූර්ණ වශයෙන් විවෘත කරන තෙක් නිවසේ සිට රාජකාරි කරන මෙන් සේවකයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ෆේස්බුක් සමාගම ලබන වසරේ ජනවාරි මාසය අවසානයේ සිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට සැලසුම් කළද සේවකයින් හට නිවසේ සිට රාජකාරී කිරීමට ලබන වසරේ ජුනි දක්වා අවසර දීමටද තීරණය කර ඇත.

මේ අතර ෆේස් බුක් සමාගමේ මානව සම්පත් අංශය සඳහන් කර ඇත්තේ ඇතැම් සේවකයින් තවමත් කාර්යාලයට පැමිණ සේවය කිරීමට සූදානම් නොමැති බවයි.
කෙසේ වෙතත් ලොවපුරා සමාගම් සිය සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් අවන්හල් ඇතුළු කාර්යාල සේවකයින් මත යැපෙන ව්‍යාපාර රැසක් විශාල අභියෝගයට මුහුණ දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින තත්ත්වය හමුවේ මේවන විට සිදුකර ඇති සමීක්ෂණ වලට අනුව විශාල පිරිසක් වසංගය අවසන් වූ පසුවත් නිවසේ සිට සිය රාජකාරි කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව ඉදිරියේදි බොහොමයක් සමාගම් වලට ඉතා සීමිත ඉඩ කඩක සිය කාර්යාලය අඩු පිරිවැයක් යටතේ පවත්වාගෙන යාමට හැකිවෙනු ඇති බවද විශේලේෂකයින් පෙන්වා දී ඇත.

Exit mobile version