“ලොකුගේලා වගේ දේශපාලකයන්ට සෞඛ්‍යයේ බලය දෙන්න එපා” – GMOA ඉල්ලයි

පිළියන්දළ පොලිස් බල ප්‍රදේශය සඳහා පසුගියදා ක්‍රියාත්මක කළ හුදකලා කිරීම ඉවත් කොට නිශ්චිත ප්‍රදේශ කිහිපයකට පමණක් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ බවට චෝදනා කරමින් යළි එවැනි ක්‍රියා රටේ කිසිදු තැනක සිදුවීමට ඉඩ නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවේ අවධාරණය කොට ඇත.

පසුගිය සෙනසුරාදා (01) කොවිඩ් වසංගත තත්ත්වය උද්ගත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අරමුණින් මෙම හුදකලා කිරීම් සම්බන්ධ තීරණයය ගෙන ඇතත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ තීරණය මතය. ඒ අනුව කොවිඩ් පාලනය කිරීමේ ජාතික මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසානයේ තීරණය කරනු ලැබිමෙන් පසුව මෙම තත්ත්වය නිවේදනය කළේය.

එසේ තිබියදී සෞඛ්‍ය බලධාරීන්ගේ මතය පිළිබඳව විමසීමක් නොකොට ලොකුගේ අමාත්‍යවරයාගේ බලපෑම මත පිළියන්දල ඇතැම් ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කිරීමට සඳුදා (03) පියවර ගැනුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් ප්‍රදේශයක් හුදකලා කරන්නේද සංචරණ සීමා පනවන්නේද යන්න තීරණය කිරීම තනිකරම තාක්ෂණික මටට්මේ තීරණයක් බවත් එයට දේශපාලකයකු හෝ වෙනත් සෞඛ්‍යමය නොවන වෙනත් බලධාරියකු යම් බලපෑමක් කරන්නේ නම් වහා ඊට එරෙහි වන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා ඇත.

Exit mobile version