ලොක්ඩවුන් මැද ඉන්දීය සංචාරකයන්ට දොර ඇරෙයි

tourism

ශ්‍රී ලංකාව ලබන සතියේ සිට ඉන්දීය සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු නිලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත .

ඒ අනුව මෙරට තරු තුනේ සහ ඊට ඉහත පන්තිවල හෝටල් ඔවුන්ට නවාතැන් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු යොදන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කීපයක් මොවුන් වෙනුවෙන් යෙදවීමට අවශ්‍ය පියවර ගැනීමට සුදානම් වේ.


සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයට ලක් විය හැකි සංස්කෘතික වටිනාකමකින් යුතු ස්ථාන, වෙරළ, වනෝද්‍යයාන, සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, මහජන උද්‍යානවල බලධාරීන්ට මෙම සංචාරකයන් සඳහා පහසුකම් සලසන ලෙස දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

ඉන්දියාවේ දැනටත් විශාල කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමු වන පසුබිමක් තුළ එම තීරණය ගැනීමට ඉක්මන් හේතුව වී ඇත්තේ දැනට මෙරට තුළ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් රට මුහුණ දී තිබෙන බරපතළ අර්බූදයට යම් පිළියමක් වශයෙන් බවත්, ඊට අමතරව මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ පවතින බිඳ වැටීම යම් තරමකට හෝ අවම කරවීමේ අරමුණින් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් දිනකට සංචාරකයන් දෙසීයක් පමණ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන 30 වැනිදා තෙක් දිවයිනටම බලපා ඇති නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ ද මෙම සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

Exit mobile version