ලොක්ඩවුන් නොකළ රටේ මිනිස්සු කඩ සාප්පු වහන්නෙ ආණ්ඩුව අක්‍රීය කරන්නලු!. ජොන්ස්ටන් කියයි..

 

කොවිඩ් වසංගතයෙන් බේරීමට ස්වයංව කඩ සාප්පු    වසා දමන පිරිස් උත්සාහ කරන්නේ රට අක්‍රීය කිරීමට බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කීවේය.

උද්ඝෝෂණ තබා රට මළගෙයක් කරනවිට කඩවල් නොවසා  ඊට සහයෝගය දුන් පිරිස් දැන් කඩ වැසීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ඔහු පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ ( 16 ) දින පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු  දෙමිනි.


ඔහු මෙසේ ද පැවසීය.

“ ජනතාවට කඩවල් වහන්න ඉස්සල්ලා කල්පනා කරන්න තිබුනේ උද්ඝෝෂණ කරනකොට ඒවාට සහයෝගය නොදී  ඒවා නතර කරන්න.  එතකොට ඒ අවස්ථාවේදී ජනතාව කළේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් කියලා , ඒකට බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කෙරුවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න තිබුණේ මේ වගේ උද්ඝෝෂණ කරන්න එපා කියලා . ඔවුන්ට තිබුණා ඒ වගේ දෙයක් කරලා මේ උද්ඝෝෂණයන්ට සහයෝගය නොදී ඉන්න.  ඔවුන් ඒ දෙය එදා කෙරුවෙ නැහැ.  මේ හැම දේකම යට තියෙන්නේ දේශපාලනය .  මේ හදන්නේ වෙන  මතයක් ගොඩනගන්න .  මේ රට අක්‍රීය කරන්න.  ඒක තමයි ඇත්ත තත්වය. සෞඛ්‍ය උපදෙස් වලට කටයුතු කරපු නැති කට්ටියක් තමයි මේ දෙය කරන්නේ.“

Exit mobile version