ලිහිල් කළ මාර්ගෝපදේශයන් සමාජයේ හැසිරීම අනුව යළිත් දැඩි වේවි…

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Vaccine

People wait to enter a Covid-19 vaccination center in Mumbai, on April 27.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සංචරණ  සීමාවන් අන්තර්ගත මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත්කර ඇති නමුත් කොවිඩ් රෝග ව්‍යාප්තිය දරුණු වන්නේ නම් දැනට පනවා ඇති මාර්ගෝපදේශයන්  වෙනස් කරමින් ඒවා දැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

දෛනික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමාවන් ඉවත් කළ නමුත් පුද්ගලයින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර රෝග ව්‍යාප්තියට හැකිවන අයුරින් හැසිරෙන්නේ නම් නැවත සංචරණ සීමාවන් දැඩිලෙස පැනවීමට කටයුතු කරන බව වෛද්‍ය හේරත්  පවසයි.

මේ වන විට රට තුළට ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වී ඇති බවත් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වැඩි වේගයකින් පැතිරෙන ලැම්ඩා ප්‍රභේදයද ලෝකයේ රටවල් ගණනාවක මේ වන විට පැතිර යන බැවින් එම ප්‍රභේදය ද ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇතැයි ද ඒ පිලිබදව වැඩි අවධානයෙන් පසුවෙන්නැයිද හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොතරම් පරික්ෂාකිරීම් සිදුකලද යම් අතපසුවීමකින් ලැම්ඩා ප්‍රභේදයට මෙරටට අතුළුවිය  හැකි බැවින් හැම විටම සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් යැයි ඔහු පෙන්වාදෙයි.

Exit mobile version