හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති වැන්දඹුවන්ගේ නිල නිවාස සඳහා රජය දරන වැය බර පිළිබඳව අදාල පනත උපුටා දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දින දෙකකට පෙර මතුකළ තත්ත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැහැදිලිවනු ඇති බවත් නිල නිවසින් ඉවත්වනවා නම් ලියුම් ලියමින් නොසිට ඉන් ඉවත් වීම වඩාත් උචිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද ( 21) ප්‍රකාශ කළේය.
ඔහු කීවේ කරඳඩු මහත්වුන පුතුන් තුන්දෙනෙක් සිටින බැවින් ඔවුන්ට මව සහ පියා රැගෙන ගොස් රැකලබාගැනීමට නොහැකියාවක් ඇතැයි රජය නොසිතන බවය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීවේ ර හිටපු ජනාධිපති මහින්ද රජාපක්ෂ නිකුත් කළ ප්‍රකාශය අනුව ” මම මහින්ද රාජපක්ෂ … ලියුමක් දුන්නොත් පහුවදාම නිල නිවසින් ඉවත් වෙනවා ” ලෙස කළ ප්‍රකාශය අනුව රජය හිටපු ජනාධිපතිවරයාට නිල නිවසින් ඉවත් වන ලෙසට ලියුමක් නිකුත් කරනවාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඒ පිළිබඳ රජයේ ස්ථාවරය පැවසුවේ මෙසේය.
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත… මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා හිටියෙ නැති වුනාට ඊට පස්සේ පාර්ලිමේන්ත ගණනාවක් නියෝජනය කළා. මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා වෙලා හිටියා.
” හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවගේ වාසය සඳහා උචිත නිවාසයක් නොසැපයෙන අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරියගේ වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතුය…” පනතේ තිනවා. මම හිතනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේක තේරුම් ගන්න පුලුවන් වේවි කියලා. කියනම් ඉන්න දෙයක් නෑ. යන්නයි තියෙන්නේ.
මාධ්‍ය – පනතෙම පළමු නිර්දේශයෙ තියනව නේද උචිත නිවසක් ලබා දිය යුතුයි කියලා?
ඇමති – උචිත කිව්වාම නිවසේ තක්සේරු වටිනාකම ලක්ෂ 46ක් වූ නිවසක් ලබා දිය යුතුයි කියලා කොතනවත් පනතක නෑ….
මාධ්‍ය – නෑ… උචිත නිවසක්. ගැලපෙන නිවසක්
ඇමති – උචිත කියන එක තීන්දු කරන්නේ පවුල නෙමෙයි. රජයට සපයන්න පුලුවන් නිවස. රජයේ තියයන ආර්ථික තත්්වය සියල්ල සලකා බලන්න ඕන මොන නිවාසද සපයන්න ඕන කියලා. ඒ අනුව එක්කො ඒක ගෙවාගෙන ඉන්න පුලුවන්. එහෙම නැතිනම් ….
මම හිතනවා ඉතින් එතුමට කරඳඩු උස් මහත් වෙච්චි ළමයි තුන් දෙනෙක් ඉන්න නිසා තාත්වයි අම්මවයි ගෙනිල්ලා බලාගනී කියලා.
මාධ්‍ය – එතුමා එහිදී ප්‍රකාශ කරනවා රටේ ව්‍යවස්ථාවක් තියනවා. ව්‍යවස්ථාව අනුව පොඩ්ඩක් කල්පනා කරන්න කියලා.
ඇමති – කවුද කියන්නේ.
මාධ්‍ය – හිටපු ජනාධිපති තුමා.
ඇමති – ව්‍යවස්ථාවේ කිසිම තැනක එහෙම දෙයක් නෑ. නාමල් රාජපක්ෂටත් මම කියනවා ව්‍යවස්ථාවෙ එහෙම දෙයක් කොතනද තියෙන්නෙ කියලා පෙන්වන්න කියලා.
මාධ්‍ය – මේ නීතිය අනෙක් සියලු හිටපු ජනාධිපතිවරුන්ට අදාල ද?
ඇමති – සියලු දෙනාටම අදාලයි. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට… සියලු දෙනාටම අදාලයි.







