දෙහිවල මල්වත්ත ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු දෙහිවල පොලිසිය විසින් ඊයේ (15( අත්අඩංගුවට ගෙන ඇත.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලියාපදිංචි නොවී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වටලා ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
ඒ අනුව එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුට සහාය වූ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුනරුත්ථාපනය ලබමින් සිටි පුද්ගලයෙන් 34 දෙනෙකු ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 50 සහ 51 වයස්වල පසුවන දෙහිවල සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.