ලැබුණු එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය යූ.එන්.පී ය බිංදුවට  දමයි   

එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම එක මන්ත්‍රී ධුරය බෙදා ගැනීමට නොහැකි වීමේ ගැටලුව ඔඩු දුවමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මේ ගැටලුව මතුවන්නෙ එම මන්ත්‍රි ධුරය නියෝජනය කරමින් එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි.

මේ වනවිට පක්ෂයේ උපනායක රවී කරුණානායක තර්කයක් ඉදිරිපත් කරමින් පක්ෂ නායකයා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන්නේ නම් එම අවස්ථාව නියෝජ්‍ය නායකයා ලෙස තමන්ට හිමි බව පවසයි.


දයා ගමගේ කියන්නේ තමන් ද එ.ජා.ප උපනායකයා බවය. උපනායක තනතුරු දරන්නන් අතර මේ ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා තමන් බවය.

එ.ජා.ප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මේ අවස්ථාවේ දී පෙනවා දී තිබුණේ පක්ෂයේ මහලේකම් ලෙස එම මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා තමන් කියාය.

මේ අතර වජිර අබේවර්ධන වෙනත් තර්කයක් ගෙන හැර දක්වයි. ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ සාධකය මනාප සංඛ්‍යාව නම් එ.ජා.ප.යේ වැඩිම මනාප ප්‍රතිශතය තමාට හිමි නිසා එම අවස්ථාව තමන්ට ලැබිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර එ.ජා.ප නායකත්වය රුවන් විජේවර්ධන මේ මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කර ඇත. කෙසේ වෙතත් ඉදිරි දින 02 ඇතුළත සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳාගෙන තමන්ට නිශ්චිත පිළිතුරක් දෙන ලෙස එ.ජා.ප නායකත්වය පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත දන්වා තිබේ.

Exit mobile version