ලාංකිකයෙක් සිංගප්පූරුවේදි සිය බිරිඳ ඝාතනය කරලා….

Dead woman lying on the white floor - suicide concept

තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පොලිසියට දැනුම්දීමෙන් පසු කළ ශ්‍රී ලාංකිකයෙක් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලිසිය අද (11) පියවර ගත් බව චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය (CNA) වාර්තා කරයි.

එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ කැටොන්ග් චතුරස්‍රයේ හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් (Holiday Inn Express) හෝටලයේදී ඝාතනය කර ඇති බව ඒම ප්‍රවෘත්ති වෙබ් අඩවිය කියා සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ 32 හැවිරිදා දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි නැමැති කාන්තාවකි. සැප්තැම්බර් 9 වැනි දින පෙරවරු 10.45 සිට පස්වරු 4.42 දක්වා කාලය අදාළ හෝටයේදී මරණය සිදු කර ඇති බවට තරුණයා චෝදනාවට ලක්ව සිටියි.

පසුගිය සැප්තැම්බර් 9 දින හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් ඉදිරිපිට නවතා තිබූ පොලිස් රථයක්

විත්තිකරු නීතීඥවරයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයෙකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් මේ අවස්ථාවේදී කිසිවෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව දන්වා ඇත.


පොලිසියට අනුව, විත්තිකරු සෙනසුරාදා සවස 5.05 ට පමණ මැරීන් පෙරඩ් අසල්වැසි පොලිස් මධ්‍යස්ථානයට ගොස් හෝටලයේදී තම බිරිඳ ඝාතනය කළ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැමිණෙන විට 32 හැවිරිදි කාන්තාව හෝටල් කාමරයක කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටියදී සොයා ගෙන ඇත. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවසේ.

සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයා ගෙන තිබේ.

සැප්තැම්බර් 18 වැනිදා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වරදකරු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදු වන බවද වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

 

 

Exit mobile version