ලබන සතියේ සිට සතොස හරහා අඩු මිලට අභ්‍යාස පොත් – අධ්‍යාපන ඇමති කියයි!

exercise_books

සියයට තිහක වට්ටමක් යටතේ පාසල් අභ්‍යාස පොත්  ලබන සතියේ සිට ලබා දෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණය කරන ලද එම විශේෂ අඩුමිල අභ්‍යාස පොත් දිවයින පුරා සතොස වෙළෙඳසල්වලින් ලබා ගත හැකි  බවත් ලබන සතිය තුළ එම පොත් දිවයින පුරා බෙදා හරින බවත් ඇමතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඉන්දීය ආධාර යටතේ කොල ටික ලැබී ඇති බැවින් පෙළපොත් මුද්‍රණ වියදම සිව් ගුණයකින් හෝ වැඩිවුව ද ඒ සඳහා මුදල් ප්‍රතිපාදන රජය විසින් වෙන්කර ඇති බව ද අධ්‍යාපන ඇමතිවරයා පෙන්වා දෙයි.

Exit mobile version