ලබන සතියේ පාසල් පැවැත්වෙන හැටි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි… නාගරික පාසල් දින 03ක් විවෘතයි!

පසුගිය ජුනි 20 සිට 24 දක්වා සතියේ පාසල් නොපැවැත් වූ නාගරික පාසල් සඳුදා, බදාදා සහ සිකුරාදා යන සතියේ දින තුනෙහි දී පැවැත්වීමටත්,  ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන අපහසුතා නොපවතින ග්‍රාමීය පාසල්වල අධ්‍යයන කටයුතු පසුගිය සතියේ සිදු කළ ආකාරයට ම එළඹෙන සතිය තුළ සිදු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට නියම කර තිබේ.

මෙම පාසල්වල  ප්‍රාථමික අංශ පැවැත් වීමේ දින ගණන තීරණය කිරීමේ බලය එම පාසල්වල විදුහල්පතිවරුන්ට පවරා  පවරා ඇත.

තව ද, විවෘත කළ පාසල්වල සේවය කරන ගුරුවරුන්ට ඉන්ධන අපහසුතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අපහසුතාවන් සලකා බලා ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් වන ලෙස නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට  දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිසුන් නොපැමිණෙන දිනවල දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ නිවෙස් පාදක ක්‍රියාකාරකම් ඔස්සේ අදාළ අධ්‍යන කටයුතු  සිදුකළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනය මෙසේය.


Exit mobile version