ලක්ෂ 6ක් අඩුයි… “එන්නත් කොක්ටේල් එකක්“ ගැන පරීක්ෂණ කරනවා…

රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේ දී කියයි..

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති   කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  අද ( 04) පාර්ලිමේන්තුවේ දී   පැවසුවාය..

ඇය පැවසුවේ එය සැඟවිය යුතු කාරණාවක් නොවන බවය. මේ තත්වය  ඇතිවුණේ රජයේ වරදකින් නොවන බවත්,   නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීමේ ලෝක අර්බුදය නිසා බවත් ඇය පැහැදිලි කළාය.

ඇමතිවරිය කීවේ ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවය.


පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් “කොක්ටේල් ” එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය

Exit mobile version