ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සියලුම වෘත්තීය සමිති අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත යෝජනාවට විරෝධය පළ කරමින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 24 ක ලැයිස්තුවක් සමඟින් මෙම තීරණය ගෙන තිබේ.
සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද වෘත්තීය සමිති කියයි.







