ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු දෙයක්… හරියට කළොත් ඉතාම යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි… ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය

කීර්ති ප්‍රනාන්දු

අනාගතය වෙනුවෙන් අනාගත ජන සමාජය වෙනුවෙන් යහපත් සේවාවක් සපයා දීම සඳහා අනිවාර්යයෙන් මේ  විදුලිබල මණ්ඩලය  නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය කියයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවරුන් නියෝජනය කරන වෘත්තීය සමිතියවන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමයේ සභාපති කපිල නවරත්න  ලංකාසරට පැවසුවේ විදුලිබල මණ්ඩලය තුළ දැවැන්ත කළමනාකරණ දෝෂ ප්‍රමාණයක් පවතින බවය.

“ විදුලිබල මන්ඩලයක ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තියනවා. මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබාගෙන ගියා. ඒකට හේතුවක් වුනා අපේ තියන ආදායමෙන් වියදම අවාරණය රකගන්න  බැරිවීම. වියදම ආවරණය කර ගත හැකි අය ක්‍රමයක් නොමෙයි අපට තිබුනේ.”

“ ඊයේ පෙරේදා   වියදම අවාරණය වන මිල ක්‍රමයක් හැදුනා. ඒත් ඒ අය ක්‍රමය   සාමාන්‍ය ජනතාවට දරාගන්න බෑ. ඒක   අඩු ආදායම් ලබන අයට එය ඉතාම විශාල වැර බරක්. එය වෙනම සංවාදයට ලක් කළ යුතු කාරණාවක්”


ඒ කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වෙන්නේ පහුගිය වකවානුව පුරාම ආයතනය තුළ  විශාල කළමනාකරණ දෝෂ තිබුණ නිසා. ඒ නිසා සාධාරණ සහ සෑම වෘත්තිකයින්ගේම අවශ්‍යතාවය හරියට හඳුනාගෙන ප්‍රතිව්‍යුහගත කරණය කිරීම විය යුතු දෙයක් ලෙස අප දකිනවා. ඊට විරෝධයක් අප තුළ නෑ.  ඒ වගේම මේ සිදුවන ප්‍රතිව්‍යුහගතකරණ  ක්‍රියාවලිය සම්බන්ධව අපට විශාල අවබෝධයක් නැති නිසා අප  අවධාරණයෙන්  බලාගෙන ඉන්නවා සිදුවන දේ සම්බන්ධව.”

සමහර අංශ තියනවා පෞද්ගලිකකරණය කිරීමට අපහසු. උදාහරණ තමයි ජල විදුලි බලාගාර.  ජලාශයකින් ජලය නිකුත් කිරීමේදී අපේ රටේ ප්‍රමුඛතාවය දෙන්නේ පානීය ජල අවශ්‍යතාවයට. ඉන් අනතුරුව ගොවිතැනට.  තුන්වනුව තමයි විදුලි ජනනය. ඒක අපේ ජලවිදුලිය නිපදවන ජලාශවලට ආවේනික ලක්ෂණයක්.

හැර බලාගාර මෙහෙයුම් කටයුතු සඳහා දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක් සහිත මනා කළමනාකරණ හැකියාවකින් යතු පුද්ගලයින් පත්කරගෙන කාර්යක්ෂමතාවය වැඩිකරගැනිම තමයි ප්‍රතිව්‍යුහගතකරණයකින් අපේක්ෂා කරන්නෙ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි ක්‍රියාවලියක් ප්‍රායෝගික කිරීමෙන් යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි.

Exit mobile version