ලංකා රෝහලෙන් සොයාගත් බෝම්බය මදුරු දඟරයක් යොදාගෙන පුපුරුවන්න සැලසුම් කරලා..

කීර්ති ප්‍රනාන්දු –

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක් තුළ තිබී අද (14)  දහවල් සොයා ගත් බෝම්බය මදුරු දඟරයක ආධාරයෙන් ගිනි තබා පුපුරුවා යැවීමට සැලසුම් කර සකසා තිබූ බවට මේ වනවිට සිදු කරගෙන යන පරක්ෂණවල දී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

අද (14) මෙම අත්බෝම්බය රෝහලේ වැසිලියක් තුළ ඇති කසල බඳුනක තිබී රෝහල් ආරක්ෂක අංශයට හමුවීමෙන් පසුව රෝහල් ආරක්ෂක අංශ පොලිසිය දැනුම්වත් කර ඇත.

පසුව රෝහලට පැමිණි විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් අදාල බෝම්බය ආරක්ෂිතව රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අත්බෝම්බය රෝහල තුළට රැගෙන ආවේ කවුද, කෙසේද යන්න තවමත් අනාවරණය වී නොමැති බවත් මේනවනිට රෝහලේ සියලුම ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

Exit mobile version