ලංකා පොලිස් ඉතිහාසයේ මුල් වරට සී.අයි.ඩී නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට කාන්තාවක්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලා පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි තනතුරක් සඳහා කාන්තාවක් පත්කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

වර්ෂ 2007 දී සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස ඇය සේවයට බැඳී ඇත. රුහුණු විශ්විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත්, විවෘති විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධීයත් ඇය විසින් ලබාගෙන ඇත.

එසේම ඇය ඉන්දියාව, තායිලන්තය, හා මැලේසියාවේ දී විශේෂ පාඨමාලා හදාරා ඇත. එසේම නුගේගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිශ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරි කර තිබේ.

Exit mobile version