ලංකා ගල් අඟුරු සමාගම හදිසි ප්‍රසම්පාදනයක් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ප්‍රසම්පාදනය කිරීමට අදාල ටෙන්ඩරයක් කැඳවා තිබේ.
ලංකා ගල්අඟුරු සමාගම සිය නිල වෙබ් අඩවිය www.lankacoal.lk හරහා පසුගිය බදාදා (25) හදිසි ප්‍රසම්පාදන ලංසු අංකය: LCC/25-26/EP/1 යටතේ මෙම ටෙන්ඩරය කැඳවා ඇත.
ඩෙන්ඩරයෙන් අපේක්ෂා කරනුයේ මෙට්‍රික් ටොන් 60,000 ක ප්‍රමාණයේ ගල් අඟුරු තොග සහිත නැව්ගත කිරීම් 5 කින් දින 30ක් තුළ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ පිරිවිතරයන්ට ගැලපෙන ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් සපයා ගැනීමය.
මෙම හදිසි ප්‍රසම්පාදනයේ හදිසි ස්වභාවය සැලකිල්ලට ගෙන, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි වී ඇති සියලුම සුදුසුකම් ලත් ගල් අඟුරු සැපයුම්කරුවන් වෙත මුල් ප්‍රසම්පාදන ලේඛනය PDF ආකෘතියෙන්, ඔවුන්ගේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනයන්ට යොමු කර තිබේ.
බාල ගල්අඟුරු ටෙන්ඩර් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සැකසහිත ආකල්ප දරන මොහොතක මෙම හදිසි මිල ගණන් කැඳවීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට ලක් වී තිබේ







